ඩිංගි යාත්‍රාවක තිබී හමු වූ රුපියල් මිලියන 8 ක කේරල ගංජා -(PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

ඩිංගි යාත්‍රාවක තිබී හමු වූ රුපියල් මිලියන 8 ක කේරල ගංජා -(PHOTOS)

ඩිංගි යාත්‍රාවක තිබී හමු වූ රුපියල් මිලියන 8 ක කේරල ගංජා -(PHOTOS)

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම ප්‍රදේශයට උතුරින් පිහිටි මුහුදු කලාපයේ ඊයේ (01) සවස් කාලයේ සිදු කරන ලද විශේෂ මුර සංචාරයක් අතරතුරදී මුහුදේ සිට ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

 

එහිදී එම යාත්‍රාව තුළ තිබී පාර්සල් 14ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 29 යි ග්‍රෑම් 800 ක පමණ ප්‍රමාණයක් සමග යාත්‍රාව යාත්‍රා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබෙනවා.

 

අදාල කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80කට වඩා වැඩි බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගෙන තිබෙනවා. අදාල යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා තලෙෙමන්නාරම පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.

 

 

 

 

 

මේ අතර අද (02) අළුයම් කාලයේදී මාදගල් මාසන්කුඩා වෙරළ ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් සමඟ තවත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී තිබෙනවා.

 

ඒ අනුව එම යාත්‍රාවේ සිටි එක් පුද්ගලයෙක් ද නාවික හමුදාව විසින් ඔවුන්ගේ බාරයට ගෙන තිබුණා. එහි දී අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 30 කට අධික බව ගණන් බලා තිබුණා.

 

 

 

 

 

views

914 Views

Comments

arrow-up