දෛනික මරණ වාර්තාව අලුත් කරමින් ඊයේ මරණ 67 ක් තහවුරු කරයි

ඊයේ (09) දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 2716ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ලංකාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 213 667 කි.
මේ අතර ඊයේ දිනයේදී ලංකාව තුළ සිදුවන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරමින් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ සමඟම මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1910 දක්වා ඉහළ ගියා. නමුත් ඊයේ දිනයේ දී එකඳු මරණයක්වත් වාර්තා වී තිබුණේ නැහැ.
වාර්තා වූ මරණ 67 ම ඊට පෙර දින වලදී සිදුවූ මරණ ලෙසයි වාර්තා කර තිබුණේ. ඒ අනුව මැයි මස 17 වනදා සිට මැයි මස 31 වන දා දක්වා වූ කාලය අතරතුර කොවිඩ් මරණ 19 ක්ද ජුනි මස 01 දා සිට ජුනි මස 08 වනදා දක්වා මරණ 48 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සනාථ කර තිබුණා.
මෙම මරණ අතරින් 6 දෙනකුම මියගොස් තිබුණේ සිය නිවස තුළ දීමයි.
තවත් 56 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතරතුරදී මිය ගොස් තිබෙනවා.
ඉතිරි මරණ 5 සිදු වී ඇත්තේ රෝගියා රෝහල් ගත කරන අවස්ථාවේදීයි.
1113 Views
Comments