කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට එළවළු 12 කින් යුතු එළවළු මල්ලක් රුපියල් 500 කට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට එළවළු 12 කින් යුතු එළවළු මල්ලක් රුපියල් 500 කට

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට එළවළු 12 කින් යුතු එළවළු මල්ලක් රුපියල් 500 කට

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් එළවළු වර්ග 12 කින් යුතු මල්ලක් රුපියල් 500 ක සහන මිලක් යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන වල තොග මිල යටතේ මිලදී ගන්නා එළවළු වර්ග 12 ක් මෙසේ එක් මල්ලක් තුල අඩංගු වන බව සදහන්.

 

මීට අමතරව බොරැල්ල, මරදාන, බම්බලපිටිය, නුගේගොඩ, ජාඇල, ගල්කිස්ස, දෙමටගොඩ, ගම්පහ, කඩවත, වත්තල, මාබෝල, කිරිබත්ගොඩ යන ප්‍රදේශවලට ජංගම සහන රථ 10ක් යොදාගනිමින් වේයන්ගොඩ, දඹුල්ල සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වලින් මිලදී ගන්නා ලද වියලි ආහාර ද්‍රව්‍ය හා එළවළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිසගේ ශ්‍රම දායකත්වයෙන් ලබාදීමටද කටයුතු කර තිබෙනවා.

 

මේ සමගම සුවඳැල්, බාස්මති, බටපොල ඇල්, වැනි දේශීය සහල් වර්ග මෙන්ම රතු කැකුළු, නාඩු, සුදු කැකුලු, කීරි සම්බා, ඇතුළු සහල් වර්ග මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව උදාකර දී තිබෙනවා.

 

ඔබ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයෙක් නම් ඔබට 074 0165006 (ලුතිතන් කර්නල් රත්නායක) යන දුරකථන අංකයට හෝ 074 0165 042 (කැප්ටන් අබේසිංහ) යන දුරකථන අංක ඔස්සේ අමතා කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම ස්ථානයකට මෙම ජංගම රථ ගෙන්වා ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

views

953 Views

Comments

arrow-up