ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සරණාගත පවුලකට නිදහස ඉල්ලා මුළු ලෝකයම පෙළගැසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
09

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සරණාගත පවුලකට නිදහස ඉල්ලා මුළු ලෝකයම පෙළගැසෙයි

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සරණාගත පවුලකට නිදහස ඉල්ලා මුළු ලෝකයම පෙළගැසෙයි

මීට වසර දහයකට පමණ පෙර මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළු වී එහි සරණාගතයන් බවට පත්වූ ශ්‍රී ලාංකික පවුලක් මුදාහරින ලෙස මේ වන විට ඕස්ට්‍රේලියානු රජයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී.

 

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් පසු ඔවුන් කුවින්ස්ලන්ත ප්‍රාන්තයේ පදිංචි වී තිබුණා. එහිදී ඔවුන්ගේ කැදැල්ලට තාර්නිකා සහ කොපිකා නම් අලුත් අමුත්තියන් දෙදෙනෙකුද පැමිණියා.

 

පසුව 2018 දී එරට රජය විසින් මෙම පවුල ක්‍රිස්මස් දූපතට පිටුවහල් කෙරුනා.

 

තාර්නිකාට දැන් වයස අවුරුදු 3යි. කෝපිකාට අවුරැදු 6යි. නමුත් ඔවුන් දෙදෙනාගේ ලෝකය දැන් ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරකට පමණක් සීමා වෙලා.

 

මෙම සරණාගත කඳවුරට අඩු තරමින් හරිහැටි හිරු එළිය වත් වැටෙන්නේ නැහැ. ඒ නිසා විටමින් ඩී ඌනතාවය නිසා මේ දරුවන් රෝගී වුණා.

 

තාර්නිකාගේ රෝගී තත්ත්වය උත්සන්න වුණා. දෙමච්පියන් කල වැඳ වැටීම් හමුවේ අවසානයේ දින 10කට පසු ඔවුන්ව පර්ත් නුවර රෝහලකට ගෙන ගියා.

 

මේ අසරණ වී සිටින පවුලට නිදහස ලබා දෙන ලෙස දෙස් විදෙස් සමාජ මාධ්‍ය තුළ සහ විවිධ සංවිධාන ඕස්ට්‍රේලියානු රජයට බලපෑම් කරමින් සිටිනවා. නමුත් තවමත් ඒ පිළිබඳ සුබවාදී ප්‍රතිචාරයක් නම් නැහැ.

 

 

 

 

 

 

 

 

 

 

views

10003 Views

Comments

arrow-up