“රාජපක්ෂලා මට බයයි, ගියපාර බේරුනේ ඩීල් දාලා” - සරත් ෆොන්සේකා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
02

“රාජපක්ෂලා මට බයයි, ගියපාර බේරුනේ ඩීල් දාලා” - සරත් ෆොන්සේකා

“රාජපක්ෂලා මට බයයි, ගියපාර බේරුනේ ඩීල් දාලා” - සරත් ෆොන්සේකා

රාජපක්ෂවරුන් තමන්ට දැඩි බියක් දක්වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

 

යහපාලන සමයේ තමන්ට ආරක්ෂක අමාත්‍ය ධුරය ලබානොදුන්නේ මේ සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා සමඟ ඇති කරගත් ඩීල් එකක ප්‍රතිඵලයක් ලෙස බවද ඔහු පවසයි.

 

ඒ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ විසින් නිදහස් පක්ෂයේ සභාපති ධුරයද ලබාදුන් බව හෙතෙම සඳහන් කරයි.

 

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

 

තමන්ට දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා නැවත වතාවක් අවස්ථාවක් ලැබෙනු ඇති බව පැවසූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී දූෂිතයින්ට දඬුවම් ලබාදෙන ආකාරය පිළිබඳවද කරුණු අනාවරණය කර ඇත.

views

626 Views

Comments

arrow-up