“බැසිල් මුදල් ඇමැති කළ මෝඩ ජනපති විනාශයට වගකිව යුතුයි” - විජේදාස යළිත් ගෝඨාට එළිපිට පහරදෙයි

සර්ව පාක්ෂික සමුළුව තමන් දකින ආකාරයට විහිළුවක් වන අතර එයට ගමේ මරණාධාර සමිතියකට තියෙන බලය හෝ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
පෙරේදා (22) කොළඹදී ඔහු විසින් කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය.
මෙහිදී බලය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවට වන හෙයින් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සෙවීම වන අතර ඒ සඳහා කළ යුතු වන්නේ අන්තර් කැබිනට්ටුවක් මඟින් අන්තර් ආණ්ඩුවක් ඇති කරගැනීම බව යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මුලින්ම කළ යුත්තේ ජනතාව බේරා ගැනීම වන බවත් අප දන්නා ඉතිහාසය තුළ මෙලෙස අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට පෝලිම්වල සිට ජනතාව මිය නොගිය බවත් විජේදාස රාජපක්ෂ පවසයි.
කෙසේ වුවද රට තුළ සිදුව ඇති විනාශයට තමන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට පමණක් ඇඟිල්ල දිගු නොකරන අතර ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා කෙනෙක් මුදල් ඇමතිවරයා ලෙස පත්කළ මෙම මෝඩ ජනාධිපතිවරයා මේ විනාශයට වගකිවයුතුව ඇති බව ඔහු අවධාරණ කරයි.
766 Views
Comments