“පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට මට මෙහි සිට ගත හැකි පියවර කියන්න” - ශුද්ධෝත්තම පාප් වහන්සේ කාදිනල්තුමන්ට දන්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

“පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට මට මෙහි සිට ගත හැකි පියවර කියන්න” - ශුද්ධෝත්තම පාප් වහන්සේ කාදිනල්තුමන්ට දන්වයි

“පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට මට මෙහි සිට ගත හැකි පියවර කියන්න” - ශුද්ධෝත්තම පාප් වහන්සේ කාදිනල්තුමන්ට දන්වයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ඉදිරියේදී ගන්නා තීරණ සහ පාප් වහන්සේ ලෙස තමාට වතිකානුවේ සිට ගතහැකි පියවර පිළිබඳව දැනුවත් කරන ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත තම අත් අකුරින් ලිපියක් එවමින් පවසා ඇත.

 

තමා පාප් වහන්සේ වෙත පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව යවන ලද ලිපියට පිළිතුරු ලෙස මෙම ලිපිය එවා ඇතැයි කාදිනල්තුමන් පෙරේදා(22දා) සූම් තාක්‍ෂණය ඔස්සේ යුරෝපයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් දැනුවත් කරමින් සඳහන් කළේය.

 

පසුගිය සැප්තැම්බර් 19 වැනිදා මෙම ලිපිය පාප්වහන්සේ ලියා ඇති බවත් එය ඉතාලි භාෂාවෙන් ලියා ඇති බවත් පැවසූ කාදිනල්තුමන් එහි ඇති තොරතුරු පරිවර්තනය කරමින් මෙසේද කියා සිටියේය.

 

“පාස්කු ප‍්‍රහාරය ගැන මම කනගාටුවෙනවා. හොඳම දේ කිරීමට තීරණය කරන්න.

එසේම මාහට මෙහිදී ගත හැකි පියවර පිළිබඳවත් දැනුවත් කරන්න.

මම මෙහි රාජ්‍ය ලේකම් කාදිනල්තුමන් සමඟ මේ ගැන සාකච්ඡා කරන්නම්.

ඔබ පාස්කු ප‍්‍රහාරය හමුවේ රට තුළ කතෝලික ජනතාව අතර ගැටුමක් ඇති නොවීමට ගත් උත්සාහය අගය කරමි.”

 

පාප් වහන්සේගේ ලිපියෙහි ඇති තොරතුරු පැවසීමෙන් පසුව අදහස් දැක්වූ කාදිනල්තුමන් පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම බරපතළ එකක් බව පැවැසීය.

views

786 Views

Comments

arrow-up