පුබුදුගම වගුරුබිමේ ගින්න නිවයි

වත්තල පුබුදුගම වගුරුබිම් ආශ්‍රිත කැළෑ ප්‍රදේශයේ හටගත් ගින්න මැඩපැවැත්වීමට නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය සමත් වී තිබෙනවා.
ඒ සඳහා බටහිර නාවික විධානය මඟින් ගිනි නිවීමේ රථ දෙකක් සහ ජල බවුසර් තුනක් සමග ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, රංගල සහ කැලණි ආයතනයන්ගෙන් ගිනි නිවීමේ කණ්ඩායම් තුනක් යොදවා ගෙන තිබෙනවා.
ඒ අනුව නාවික හමුදා කණ්ඩායම් ගින්න මැඩපැවැත්වීම සඳහා අනුයුක්ත් අනෙකුත් පාර්ශවයන් ද සමග එක්ව ප්‍රදේශයේ ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබුවා.
214 Views
Comments