ජලාශ පිරේ.. ජල විදුලිය උපරිමයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

ජලාශ පිරේ.. ජල විදුලිය උපරිමයේ

ජලාශ පිරේ.. ජල විදුලිය උපරිමයේ

 

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම මාසය තුලදි දෙවන වරටත් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලමින් පවති.


මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 26වන දින රාත්‍රියේ සිට විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භවි ඇති බවත්ය.


මෙම ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජලය මේ මස ආරම්භයේදිද පිටාර ගැලු බවත් එම තත්වයන් මත මෙම මාසය තුලදි දෙවන වරටත්  26 දින ජලාශය පිරි ජලය පිටාර ගලන බවද ඔහු පැවසිය.

 

එමෙන්ම පවතින වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට වඩා අඩි 2යි අගල් 05ක් පහලින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11 අගල් 09ක් පහලින් පවතින බවද ඔහු පැවසිය.

 

මෙම ජලා‍ශවල ජලය උපයෝගි කර ගෙන විමලසුරේන්ද්‍ර,ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියන්, පොල්පිටිය යන ජල විදුලිබලාගාරවලින් උපරිම ලෙස ජල විදුලිය නිපදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

views

239 Views

Comments

arrow-up