රෝහල් පෝළිමක් නිර්මාණය වේවිද!
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
30

රෝහල් පෝළිමක් නිර්මාණය වේවිද!

රෝහල් පෝළිමක් නිර්මාණය වේවිද!

රෝහල් රැසක අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාල ප්‍රතිපාදන සපයා ගැනීමට නොහැකිවීම, ණය නොගෙවීම හේතුවෙන් පෞද්ගලික සමාගම් විසින් සැපයුම් අත් හිටුවීම, අත්‍යවශ්‍ය ඖෂධ හිගය හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිකාර, අපේක්ෂා පරික්ෂණ සිදු කිරීමට නොහැකි වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු කළමනාකරණ උපදේශයක් පවා නොලැබෙන තත්වයක් යටතේ ඇතැම් රෝහල් අධ්‍යක්ෂක වරුන් රෝහල් තුල ස්වයං තීරණ ගනිමින් සේවාවන් සීමා කිරීම, ශල්‍ය කර්ම නැවැත්වීම සදහා උපදෙස් දී ඇති බවයි ඔහු පවසන්නේ අවම වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින යතාර්ථය සැගවීම හා දේශපාළණ රැකවරණය වෙණුවට, පවතින සැබෑ තත්වය හෙලි දරව් කරමින්, වඩා සුදුසු කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉදිරිපත් නොවිමින්, දීර්ග කාලයක් තිස්සේ අනතුර දැක දැක මග හැර සිටීම, පවතින අර්බුධය දෙගුණ, තෙගුණ කිරීමට හේතු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

views

676 Views

Comments

arrow-up