“කන්න නැති උතුරේ ජනතාව බෝට්ටුවල නැග ඉන්දියාවට පලා යනවා” - සුමන්තිරන් සමුළුවේදී කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
24

“කන්න නැති උතුරේ ජනතාව බෝට්ටුවල නැග ඉන්දියාවට පලා යනවා” - සුමන්තිරන් සමුළුවේදී කියයි

“කන්න නැති උතුරේ ජනතාව බෝට්ටුවල නැග ඉන්දියාවට පලා යනවා” - සුමන්තිරන් සමුළුවේදී කියයි

කන්න බොන්න දෙයක් නොමැතිව උතුරේ පිරිස් බෝට්ටු ආධාරයෙන් උතුරෙන් පලා යන මට්ටමට බිහිසුනු ආර්ථික තත්ත්වයක් රටේ ඇති වී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන් අද සර්ව පාක්ෂික සමුළුව අමතමින් හෙලි දරවු කළේය.

 

තත්වය බෙහෙවින්ම බරතපතලයි… මෙහෙ කන්න දෙයක් නෑ, ජීවත් වෙන්න බෑ කියලා  ඊයේ දිනයේ දී  පමණක් බෝට්ටුවලින් 16ක් ඉන්දියාවට ගිහින්… ඔවුන් ඉන්දියාවෙ අත්අඩංගුවට පත් වෙලා.“

 

මේ ප්‍රශ්නයට රටක් ලෙස එකතු වී පිළිතුරු සෙවිය යුතු බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේය.

 

මේ අතර පෙරේදා (22)  තමිල්නාඩු මහ ඇමති එම්.ඒ ස්ටාලින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ  ජීවන අරගලයට මුහුණ දීමට නොහැකිව උතුරේ සිට ඉන්දියාවට පලා එන සියලුම දෙමළ සරණාගතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට ඔවුන්ව ඉන්දීය අනාථ කදවුරු වලට යොමු කරණ ලෙසය.

 

උතුරේ සිට ධීවර බෝට්ටු වල නැගී 22 දා දවස තුළ පමණක් උතුරේ වැසියන් 23ක් ඉන්දියාවේ රාමේස්වරන් අරිච්චල් හා ධනුස්කොඩි මුහුදු වෙරළ වලින් ඉන්දියාවට ඇතුලු වී එරට සරණාගතභාවය ඉල්ලා ඇත.

 

මේ පිළිබදව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට තොරතුරු සැලවීමෙන්  පසුව ඔහු මධ්‍යම රජය සමග සාකච්ඡා කොට ඒ ආකාරයට සරණාගතභාවය ඉල්ලා පැමිණෙන පිරිසගෙන් ප්‍රශ්න කොට ඔවුන් ජාවාරම් සඳහා පැමිණෙන පිරිසක් නොවන්නේ නම් ඔවුන්ට ඉන්දියාවේ තමිල්නාඩුවේ ක්‍රියාත්මක දෙමළ සරණාගත කදවුරු වල ජීවත් වීමට අවස්ථාව සලසා දීමට පියවර ගෙන තිබේ.

 

මාර්තු මස 22 වෙනිදා ඒ අන්දමට ඉන්දියාවට පලාගිය පිරිසත් සමග මේ වන විට  විවිධ ක්‍රම ඔස්සේ ඉන්දියාවට 23 දෙනෙකු සංක්‍රමණය වී ඇති අතර ඔවුන්  ඉන්දියාවේ සරණාගතභාවය ඉල්ලා තිබේ.

views

645 Views

Comments

arrow-up