සති 7 ක බිළිඳියක් කොරෝනාවෙන් මියයයි

වැලිමඩ ප්‍රදේශයේ සති 7ක බිළිඳියක් කොරෝනා ආසාදනයවී රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටය දී මීට දින දෙකකට පෙර මියගොස් තිබෙනවා.
රෝගී තත්ත්වයක් මත එම බිළිඳිය ප්‍රථමයෙන් වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඉන් බදුල්ල මහරෝහලටත් ඉන් පසුව රිජ්වේ ආර්යා ළමා රෝහලටත් මාරු කර ඒවා තිබෙනවා.
මෙම මරණය සම්බන්ධයෙන් කරුණු දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා අද (07) මාධ්‍ය වෙත පැවසුවේ, "එම බිළිඳියගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිඅතර පියාද ඒ වනවිට නිරෝධායනය වෙමින් සිට තිබෙනවා.
අසාධ්‍ය තත්ත්වයේ පසුව ඇති බිළිඳිය පසුගිය 05 වැනිදා අලුයම 03.00ට පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණා.
එතැන් පටන් පැය 05ක පමණ කාලයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා තිබෙනවා.
කෙසේ වෙතත් බිළිඳියගේ උපතින්ම තිබූ සංකූලතා මත කොරෝනා වෛරසයත් ආසාදනයවීම නිසා හෘදය දැඩි ලෙස ආසාදිත වීමෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූවා.
" ඒ හේතුවෙන් බිළිඳියගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් නොතිබුණු බවත් කොරෝනා වෛරසය ආසාදනය නොවී තිබුණා නම් බිළිඳියගේ ජීවිතය බේරාගැනීමට ඉඩ තිබුණු බව විජේසුරිය මහතා පැවසීය.
1125 Views
Comments