2020 AL ප්‍රතිඵල නිකුත් වන දිනය මෙන්න

ගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පවතී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කර ඇත.
ඒ අනුව, උසස් පෙළ සමතුන් වෙත සරසවි ප්‍රවේශය ලබා දීමට දැනට පවතින වසර එක හමාරක කාල පරතරය නිශ්චිත වශයෙන්ම අඩු කරමින් සරසවි ප්‍රවේශය ලබන සිසුන් සැප්තැම්බර් මාසයේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට ද සියලු විධිවිධාන යොදන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කරනවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන සූදානම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
869 Views
Comments