FEB
28
කොවිඩ් ආසාදිතයින් 83,000 ඉක්මවද්දී 574 දෙනෙකු සුවය ලබයි

අද (28) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83,094 දක්වා ඉක්මවා ගොස් තිබේ.
මේ අතර අද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 574 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,947 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයින් 3,479 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
602 Views
Comments