සේවය අවසන් කිරීමේ වන්දි මුදල දෙගුණ කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

සේවය අවසන් කිරීමේ වන්දි මුදල දෙගුණ කෙරේ

සේවය අවසන් කිරීමේ වන්දි මුදල දෙගුණ කෙරේ

යම් ආයතනයක අවශ්‍යතාව පරිදි සේවකයෙකුගේ සේවය අවසන් කරන්නේ නම් එම සේවකයාට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර තිබෙනවා

 

ඒ සඳහා වන සඳහා වන ගැසට් නිවේදනය පසුගිය 25 වන දා කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

 

එම වන්දි මුදල ගෙවීම පෙබරවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ඒ මහතා පවසනවා පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන් හට මෙම වන්දි මුදල් ගෙවීමට නියමිතයි

 

1971 අංක 25 දරණ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනතට ප්‍රකාරව 2005 මාර්තු 15 වන දින ප්‍රකාශයට පත්කළ අදාළ වන්දි සූත්‍රයට අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 1,250,000 කි.

 

views

815 Views

Comments

arrow-up