පකිස්තානයේදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ දේහයේ අවශේෂ අද දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

පකිස්තානයේදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ දේහයේ අවශේෂ අද දිවයිනට

පකිස්තානයේදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ දේහයේ අවශේෂ අද දිවයිනට

පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී පුද්ගල කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවශේෂ රාජ්‍ය වියදමින් අද මෙරටට ගෙන එන බව විදේශ අමාත්‍යංශය පවසයි.

 

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් ගෙන ඒමට නියමිත එම දේහයේ අවශේෂ ඔහුගේ පවුලේ ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිත බවයි විදේශ අමාත්‍යංශය පැවසුවේ.

 

 

මේ අතර නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් පකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇතැයි ද විදේශ අමාත්‍යංශය සඳහන් කරා.

views

807 Views

Comments

arrow-up