7000ක අල්ලසක් ඉල්ලූ ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනාට වැඩ වරදී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

7000ක අල්ලසක් ඉල්ලූ ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනාට වැඩ වරදී

7000ක අල්ලසක් ඉල්ලූ ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනාට වැඩ වරදී

වනජීවි දෙපාර්තමේන්තුවට අයත් මොණරාගල, ඇතිමලේ ගැටබලගොඩ රක්ෂිතයේ ඉඩමක් ගිනි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකුට නිති මඟින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් 7000ක මුදලක් ඉල්ලූ බව කියන වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනකු අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම විසින් ඊයේ(30) අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොණරාගල ඇතිමලේ ලියන්ගොල්ලේ වන අඩවි කාර්යාලයට අනියුක්තව සේවය කරන වන ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

මොණරාගල ඇතිමලේ ප්‍රදේශයේ ගොවියෙකු මෙම සිදුවීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබිණි. 

 

මේ සම්බන්ධව පැමිණීලි කල ගොවි මහතා මොණරාගල ඇතිමලේ ගැටබලගොඩ රක්ෂිතයේ ඉඩමක් ගිනි තැබීම හේතුවෙන් ඒ සඳහා නෛතික කටයුතු නොකර සිටීමට මොවුන් දෙදෙනා අල්ලස් වශයෙන් රුපියල් හත්දහසක මුදලක් ඉල්ලා සිටින බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණීල්ල ඉදිරිපත් කර ඇතැයි එම කොමිසම පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොණරාගල ඇතිමලේ ගැටබලගොඩ ප්‍රදේශයේ කැලෑවකදී අදාළ අල්ලස් මුදල ගැනීමට තැත්කිරීමේදී උපාය දූතයකු මගින් වැටලීම සිදුකර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් අද(01) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

654 Views

Comments

arrow-up