OCT
27
මව සහ කුඩා දැරියන් තිදෙනෙක් වස ශරීර ගතවී රෝහලට - දරුවන්ට අසාධ්‍යයි

හාලිඇළ, වෙල්හින්න ප්‍රදේශයේ පදිංචි මවක් සහ ඇගේ කුඩා දරුවන් තිදෙනා වස ශරීර ගත වී අසාධ්‍යව බදුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
35 හැවිරිදි මව සහ හය, හතර සහ තුන් හැවිරිදි වියේ පසුවන දියණියන් තිදෙනෙකුට මෙලෙස වස ශරීර ගතවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටී.
තමන් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන බවත් මෙම දරුවන්ගේ පියා යම් මානසික ආබාධයකට ලක්ව තිබෙන බවත් දරුවන්ගේ මව රෝහල් පොලිසියට පවසා තිබේ.
647 Views
Comments