ඈවරයි..දෑවරයි..හාල් කිලෝව පන්සීයයි

ආහාර අර්බුයක් පිළිබද අනතුරු ඇඟවීම හේතුවෙන් මධ්‍යම පාන්තික ජනතාව වී තොග රැස් කිරීම ආරම්භ කිරීමත් සමග වී හිඟවී මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිරි සති කීපය තුළ සහල් කිලෝව රුපියල් පන්සියය දක්වා වැඩිවීමේ අවදානමක් තමන් දකින බව අනුරාධපුර දිස්ත්‍රික් සුලු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියෝ අද පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළහ.
එම සංගමයේ සභාපති යු.කේ.සේමසිංහ කීවේ තම කර්මාන්තය ද මේ තත්ත්වය තුළ බරපතල අනතුරකට වැටී ඇති බවය.'
“මධ්‍යම පාන්තික ජනතාව මේ වනවිට ගම්මානවලින් වී මිටි දහය පහළොව අරගෙන යනවා. විවෘත වෙළෙඳපල තුළ සුළු හා මාධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට මිල දී ගන්න වී නෑ. කෙටි කාලීනව රුපියල් පන්සීය වගේ ඉලක්කමකට හාල් මිල ඉහළ යාවි කියලා අපට දැනෙනවා.“ ඔහු කීවේය.
මේ අතර ගෝනි නූලේ සිට ඉන්ධන ගාස්තු සේවක පඩිනඩි උර, අමතරකොටස්, ප්‍රවාහන වියදම් ඇතුළු සමස්ථය මිල ඉහළ ගිය පරිසරයක හාල් කිලෝ එකක නිශ්පාදන වියදමත් 250ක් වන බවත්, මේ තත්ත්වය තුළ රුපියල් විස්සකට ආසන්න ගණනකින් සහල් කිලෝවක මිල වැඩි කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටි බව සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.පී.රන්ජිත් ලංකාසරට පැවසීය.
මේ පවතින තත්ත්වය තුළ වී තොග හිඟවීම හේතුවෙන් වී මිල ද දෛනිකව ඉහළ යමින් ඇති බව පවසන සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ මිල කිරීම සඳහා ඉල්ලීම මේ මොහොතට සාපේක්ෂ බවය.
මේ වසර තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක හිඟයක් ඇති විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර අද පැවසුවේය. බලන බදදා වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට ආහාර සපයන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටීමට සූදානම් වේ.
832 Views
Comments