ප්‍රහාරයෙන් මෝනාලිසාට හානියක් නැහැ

ප්‍රංශයේ ලුවියර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මෝනාලිසා සිත්තමට කේක් තවරා හානි කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව රොයිටර් වාර්තා කළා.
වයස්ගත කාන්තාවක ලෙස පෙනී සිටිමින් රෝද පුටුවකින් පැමිණි පුද්ගලයෙකු වහා ඉන් නැගිට මෝනාලිසා රුවට පහර දී ඇත්තේ එහි ආරක්ෂිත වීදුරුව බිදීමේ අරමුණෙන්.
කෙසේ නමුත් එය අසාර්ථක වූ විට ඔහු රැගෙන ආ කේක් ගෙඩියක් එහි තවරා හානි කිරීමට උත්සාහ කර තිබෙනවා.
මොහු ලෝක කාලගුණ වෙනස පිළිබද ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ලෙසයි අනාවරණ වී ඇත්තේ.
මහපොළව ගැන සිතන ලෙසත් ඇතැමුන් එය විනාශ කරන බවත් පසුව ආරක්ෂක නිලධාරීන් විසින් ඉවතට රැගෙන ගිය ඔහු පවසා ඇති බව සදහන්.
1051 Views
Comments