සුඛෝපභෝගී රථවලින් මත් පෙති ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයකින් සහ වෑන් රථයකින් රුපියල් ලක්ෂ දහයකට 10කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අලුබෝමුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර හිරණ ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත් කුඩුවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස ලබාගන්නා මත්පෙති 9,000කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මාලමුල්ල සහ හිරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 38 අතර වන මෙම සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
279 Views
Comments