AUG
28
බංග්ලාදේශ ජාතිකයෙක් මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරයි

මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් දිවයිනට ඇතුළුවීමට උත්සාහ කළ බංග්ලාදේශ ජාතිකයෙකු ආපසු හරවා යවා තිබේ.
ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මෙරටට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එහි දී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහුව නැවත හරවා තිබේ.
45 හැවිරිදි මෙම බංග්ලාදේශ ජාතිකයා භාවිතා කර තිබුණේ ශ්‍රී ලාංකිකයෙකුට අයත්ව තිබී පසුව අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රයකි.
මෙම පුද්ගලයාගේ මුදල් පසුම්බිය හා ගමන් බෑගය පරික්ෂා කිරීමේ දී බංග්ලාදේශය තානාපති කාර්යාලය මගින් නිකුත් කළ හඳුනාගැනීමේ සහතික පත්‍රයක් හමුවී තිබේ.
226 Views
Comments