අර්ජුන ක්‍රිකට් බෝඩ් එකට ආපු ගමන් වැඩ පටන් ගනී - හත් දෙනෙකුගේ රට සවාරියක් නවත්වයි

රුපියල් කෝටි ගණනක් වැය කර විදේශ සංචාරයක නිරත වීමට සූදානම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනෙකුගේ ගමන අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පැවසීය.
මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අර්ජුන රණතුංග මේ බව පැවසීය.
“ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් හත් දෙනෙක් විදේශ රටක විනෝද චාරිකාවක් යාම සඳහා අනුමැතිය ඉල්ලා තිබුණා.
එහිදී ඒ අයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකක් පත් එසේම ඒ යන රටවල්වල නැවතීමට ඉහළම හෝටල්වල නැවතීමේ පහසුකම් සමඟ ඔවුන්ට දිනකට ඩොලර් 650ක් ගෙවීමට නියමිතව තිබුණා.
අපි ක්‍රීඩා සභාව හැටියට ඊට විරුද්ධ වුණා. මේවා නවත්වනකොට අපිට ප්‍රශ්න එනවා. මම මෙතැනට ආවේ හරි දේ කරන්න.”
මම මෙතනට ආවේ හරි දේ කරන්න'මම මෙතනට ආවේ හරි දේ කරන්න' - අර්ජුන රණතුංග
Posted by A5 News Sri Lanka on Saturday, August 27, 2022
244 Views
Comments