උප්පැන්න, ඔප්පු, පත්ඉරු කොපි මිලත් ඉහළ දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

උප්පැන්න, ඔප්පු, පත්ඉරු කොපි මිලත් ඉහළ දමයි

උප්පැන්න, ඔප්පු, පත්ඉරු කොපි මිලත් ඉහළ දමයි

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පත්තිරු, ඔප්පු කොපි, උප්පැන්න කොපි ඇතුළු ලිපි ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට එම දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

 

විදුලි ගාස්තු ඉහළ යෑම, ලිපිද්‍රව්‍යවල මිල ඉහළ යෑම ඇතුළු සියලු‍ වියදම් ඉහළ යෑම හේතුවෙන් දෙපාර්තමේන්තුවට දැරීමට නොහැකි අයුරින් වියදම් ඉහළ ගොස් ඇති බවත් එය යම් මට්ටමකින් හෝ පියවා ගැනීමට මෙලෙස ලිපි ලේඛන වල මිල ඉහළ දැමීමට අවධානය යොමුකර ඇති බවත් උසස් නිලධාරියෙක් කියා සිටියේය.

 

දැනට ඉඩම් පත්තිරුවක් රුපියල් 120කට, උප්පැන්න සහතිකයක් රුපියල් 100ක් වැනි මිලකට දෙපාර්තමේන්තුව සාමාන්‍ය සේවාව යටතේ ලබාදීම් සිදුකරන බවත් එම මිල ගණන්වල වෙනසක් පළමුව සිදුකරන බවත් ඉන් පසුව එක්දින සේවාව යටතේ ලබාදෙන සේවාවන් වල මිල ඉහළ දමනවාද යන්න ගැන අවසන් එකඟතාවයකට පැමිණෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

views

285 Views

Comments

arrow-up