පුංචි ඡන්දය තවත් වසරකින් කල් යයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

පුංචි ඡන්දය තවත් වසරකින් කල් යයි?

පුංචි ඡන්දය තවත් වසරකින් කල් යයි?

වසරකින් කල් දමා තිබෙන පළාත්පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවෙයි.

 

කෙසේවුවද, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා කියා සිටින්නේ කොමිසමට පළාත් පාලන මැතිවරණය පිළිබඳව ලැබී ඇති බලතල අනුව ලබන සැප්තැම්බර් 20 වැනිදායින් පසුව ඔක්තෝබර් 31ට පෙර දිනක පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට තීරණයකර ඇති බවයි.

 

එහෙත් ආණ්ඩුවට අවශ්‍ය නම් පවතින පළාත් පාලන පනතට නව සංශෝධනයක් ගෙන එමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමිය හැකි බවත් හෙතෙම පෙන්වාදී තිබේ.

 

මේ පිළිබඳව කළ විමසීමකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශකර ඇත්තේ පළාත් පාලන අමාත්‍යවරයාට හැකියාව ඇත්තේ එක්වරක් පමණක් එම මැතිවරණය කල් දැමීමට බවයි.

 

කෙසේවුවද, පළාත් පාලන මැතිවරණ කල් දැමීමට නම් එම පනතට සංශෝධනයක් එක්කොට තවත් වසරකින් මැතිවරණය කල් දැමීමට කටයුතු කිරීම ආණ්ඩුවට හැකියාවක් ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

 

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කටයුතු කළහොත් පැෆරල් සංවිධානය ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන බවත් ඔහු ප්‍රකාශ කර සිටී.

views

273 Views

Comments

arrow-up