හොංකොං රාජ්‍යය ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කරයි

කොවිඩ් වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන තිබේ.
එහි පාලනාධිකාරිය එය අද(20) සිට බලපැවත්වෙන පරිදි සිදුකිරීමට පියවර ගන ඇතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා නිරෝධායන නීති දැඩි කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, කාම්බෝජය, ප්‍රංශය, ග්‍රීසිය, ඉරානය සහ මැලේසියාව ඇතුළු තවත් රටවල් 15ක්ද එම අවදානම් රටවල් ලැයිස්තුවේ පවති.
ලංකාව ඇතුළු මෙම රටවල්වල කොවිඩ් ඩෙල්ටා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බවත්, එම රටවල් වලින් ඉතාම කෙටි කාලයක් තුළ කොරෝනා ආසාදිත විශාල රොගීන් සංථ්‍යාවක්ද වාර්තා වීමත් සමඟ හොංකොං පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටි.
710 Views
Comments