අධික වර්ෂාව හේතුවෙන් කඳුරට තැන තැන නාය යෑම්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නගරයට ඉහලින් වු පස් කඳු කිහිපයක් ප්‍රධාන මාර්ගයට අද(12) දින කඩා වැටිමෙන් මහනුවර - හැටන් සහ හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගවල රථ වාහන ගමනා ගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රන්ජිත් අලහකෝන් මහතා සඳහන් කරයි.
ගිනිගත්හේන නගරයේ ගාල් කර තිබු කුඩා ලොරි රථයක් සහ ත්‍රි රෝද රථයක් මතට පස් කන්දක් කඩා වැටි ඇති අතර ගිනිගත්හේන - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටි ඇති බවත් කඩා වැටි ඇති පස් කඳු මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරින් විසින් ආරම්භ කර ඇති බවත් පොලිසිය පැවසිය.
මේ අතර හැටන් ඔය පිටාර ගැලිම නිසා වටවල ප්‍රදේශයේ පහත් බිම් රැසක පිහිටි නිවාස රැසක්ද ජලයෙන් යටවි ඇතැයි වටවල පොලිසිය පැවසිය.
852 Views
Comments