“රට වහන්නේ නෑ, දැඩි සංචරණ සීමා පනවනවා” - ජනපති

රට වසා දැමීමක් සිදු නොකරන නමුත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(17) රාත්‍රීයේ පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
රට වසා දැමීම සිදුකළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා අයවලුන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත්, ජනාධිපතිවරයා පවසා ඇත.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද අවධාරණය කර ඇත.
985 Views
Comments