රිවෝල්වරයක් සමඟ සැකකරුවන් 04ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

රිවෝල්වරයක් සමඟ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

රිවෝල්වරයක් සමඟ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

රක්වාන - වලව්කඩේ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ පතොරමි තොගයක් හමු වී ඇත.

 

ඊයේ දහවල් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූයේ මෙම ගිනි අවිය යම් පුද්ගලයකුගෙන්  මිලදී ගෙන ඇති අතර එම ගිනි අවිය විකුණූ පුද්ගලයාද පසුව අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරුවන් සියලුදෙනා අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

689 Views

Comments

arrow-up