විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජන්ම දිනය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජන්ම දිනය අද

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ජන්ම දිනය අද

සමගි ජනබලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ 55 වැනි ජන්ම දිනය අද(12) ට යෙදී තිබේ.

 

2000 වසරේ මහ මැතිවරණයෙන් පළමු වරට එක්සත් ජාතික පක්‍ෂයෙන් මැතිසබයට තේරීපත්වූ ඒ මහතා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති, නිවාස ඇමැති ආදී අමාත්‍ය ධූරයන්ද හෙබවූ අතර සමගි ජනබලවේග නායකයා ලෙස පසුගිය මහ මැතිවරණයේදී විපක්‍ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් විපක්‍ෂ නායක පදවියට පත්විය.

 

පියා වන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා දියත් කළ නිවාස වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට ඔහු තම නිවාස අමාත්‍ය ධුරකාලයේදී ඉමහත් වැඩකොටසක් කළේය.

views

664 Views

Comments

arrow-up