මහර බන්ධනාගාර ගැටුමට මුල්වූ රැඳවියන් 125කට නඩු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

මහර බන්ධනාගාර ගැටුමට මුල්වූ රැඳවියන් 125කට නඩු

මහර බන්ධනාගාර ගැටුමට මුල්වූ රැඳවියන් 125කට නඩු

මහර බන්ධනාගාරයේ කලහාකාරී සිද්ධියක් ඇතිකර දේපළවලට අලාභහානි සිදු කරමින් පැනයාමට තැත් කිරීම සඳහා මූලිකත්වය සහ නායකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරනවා.

 

එම රැඳවියන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. බන්ධනාගාරයේ නොසන්සුන්තාවය ඊයේ පස්වරුව වන විට සම්පූර්ණයෙන්ම පාලනය කළ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළා.

 

අද දිනය වන විට බන්ධනාගාර රැඳවියන් ගේ සහ බන්ධනාගාර නියාමකයින්ගේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු ගැටළු සම්පූර්ණයෙන්ම නිරාකරණය කරන බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.

 

 

 

views

658 Views

Comments

arrow-up