සිග්නල් ලයිට් ළග යාචකයන්ට මුදල් දුන් 30 කට නඩු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

සිග්නල් ලයිට් ළග යාචකයන්ට මුදල් දුන් 30 කට නඩු

සිග්නල් ලයිට් ළග යාචකයන්ට මුදල් දුන් 30 කට නඩු

සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල මාර්ග සංඥාපුවරු අසල වාහන නතර කර යාචකයන්ට මුදල් ලබා දුන් රියැදුරන් තිස්දෙනකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා

 

මේ අතර මෙම මාර්ග සංඥාපුවරු අසලට හි`ගමනේ යෙදුණු පුද්ගලයන් පිරිසක්ද පොලිස් භාරයට ගෙන ඔවුන්ට දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කළ බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

කොරෝනා වෛරසය කොළඹ නගරය තුළ ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා මාර්ග සංඥාපුවරු අසල සි`ගමනේ යෙදෙන යාචකයන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

 

මාර්ග සංඥාපුවරු අසල සි`ගමනේ යෙදුණු යාචකයන් ඉවත් කිරීමෙන් පසු පසුගිය දින කීපයේදී අලූතින් පිරිසක් එම ස්ථානවල රැඳී සිටිමින් වාහනවලින් මුදල් එකතු කරන බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

 

මාර්ග සංඥාපුවරු අසල සි`ගමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් ලබාදීම වරදක් බවට ප‍්‍රකාශ කර තිබියදීත් එය නොසලකා හැර මේ ආකාරයට කටයුතු කළ රියදුරන් 30 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරි දිනවලදී නඩු පැවරීමට කටයුතු කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

views

613 Views

Comments

arrow-up