වසර හයකට මූල්‍ය සමාගම් හයක් බංකොලොත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

වසර හයකට මූල්‍ය සමාගම් හයක් බංකොලොත්

වසර හයකට මූල්‍ය සමාගම් හයක් බංකොලොත්

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගම් හයක් ගත වූ වසර හය තුළ අර්බුදයකට ලක් වී ඇති බවත් ගනුදෙනුකරුවන් දෙලක්ෂ පනස් හය දහස් තුන්සිය හයකගේ (256306) රුපියල් බිලියන හැටපන්දහස් හත්සිය අනූහතක් පමණ ඒවායේ තැන්පත් කර තිබූ බව සඳහන් කරයි.

 

 

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ස්ටෑන්ඩර්ට් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කොම්පැණි, ඊ.ටී.අයි. ෆිනෑන්ස්, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් යන ආයතන එසේ අර්බුදවලට ලක්ව ඇත.

 

 

ඉන් වැඩිම තැන්පත්කරුවන් ප්‍රමාණයක් වන එක්ලක්ෂ හතළිස් හත්දහස් හාරසිය පනස් දෙකක් (147452) සිට ඇත්තේ ද ෆිනෑන්ස් කොම්පැනි ආයතනයේ වන අතර ඔවුන් එහි මිලියන විසි හයදහස් හාරසියක් (26400) තැන්පත් කර ඇත.

views

672 Views

Comments

arrow-up