කොවිඩ් ආසාදනයෙන් වැල්වැටිතුරෙයි නගරාධිපති ජීවිතක්ෂයට

පසුගිය 9 වැනිදා කොවිඩ් ආසාදිතව යාපනය පේදුරුතුඩුව මන්දිතෙයි රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටි යාපනය , වැල්වැටිතුරෙයි නගරාධිපති කෝනලිංගම් කරුණානන්දරාසා මහතා අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.
76 හැවිරිදි වියේ පසු වූ එතුමා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත් වූ අතර ඔහුට තිබූ හෘද රෝගය කොවිඩ් නිසා උත්සන්න වීමෙන් නගරාධිපතිවරයා මියගොස් ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන් පවසා සිටියේ මියගිය පුද්ගලයාගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ සියලු නිලධාරීන් පීසීආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි.
786 Views
Comments