දුර්ලභ ගණයේ කොටියෙක් මද්දකට හසුවී මරුට

හසලක මහගලඉන්න ප්‍රදේශයේදී මද්දකට හසුව දුර්ලභ ගණයේ කොටියෙකු මියගොස් තිබේ.
ප්‍රදේශවාසීන් කියා සිටියේ හසලක වනජීවී නිලධාරීන් කඩිනමින් ප්‍රතිකාර කිරීමට පැමිණියේ නම් කොටියා බේරා ගැනීමට තිබූ බවයි.
නිවසක් ආසන්න කැලෑවක සතෙකු කෑගසන හඬක් ඇසී ගොස් බලන විට කොටියෙකු බව දැක ඒ පිළිබඳව හසලක වනජීවි කාර්යාලයට ගම්වාසීන් දැනුම්දී තිබේ.
නමුත් ගම්වාසීන් පවසන ආකාරයට වනජීවි නිලධාරීන් පැමිණ ඇත්තේ දැනුමදීමෙන් පැයකට පමණ පසුවයි.
පසුව ඔවුන් වනජීවි වෛද්‍යවරයා කැඳවා ඇති අතර ඔහු පැමිණීමටද ප්‍රමාදවී ඇත.
1226 Views
Comments