වතුකරයේ සහ මුස්ලිම් ප්‍රශ්න විසඳන්න ජනපති අත ගසයි

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඇතිව උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම වතුකරයේ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ උතුරේ ජනතාවගේ ප්‍රශ්න රැසක් මේ වන විට විසදීමට ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙන පසුබිම යටතේ බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මෙරට සියලු දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන් පැවති සර්වපාක්ෂික හමුවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පළ කළ අදහස් අනුව උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෘජු මැදිහත්වීම ලබා දුන්නේය.
උතුරේ ජනතාවගේ ප්‍රශ්න බොහොමයක් විසඳීම ආරම්භ වී තිබෙන තත්ත්වය යටතේ ඊළඟට වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ වැඩකටයුතු වහාම ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමෙන් අනතුරුව මෙරට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් කර සිටිතියි ජනාධිපති කාර්යාල ආරංචි තවදුරටත් තවදුරටත් සඳහන් කළේය.
වතුකරයේ සහ මුස්ලිම් ජනතා ප්‍රශ්න විසඳීමේ දී ඒ ප්‍රජාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී කර ගැනීමට ජනාධිපතිවරයා තව දුරටත් අදහස් කර සිටී.
219 Views
Comments