මනු බිලේ කතාව දුරදිග යයි - මනු කියවන්නා රෝහලට, පහරදුන් අය කූඩුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

මනු බිලේ කතාව දුරදිග යයි - මනු කියවන්නා රෝහලට, පහරදුන් අය කූඩුවට

මනු බිලේ කතාව දුරදිග යයි - මනු කියවන්නා රෝහලට, පහරදුන් අය කූඩුවට

ජල සම්පාදන මණ්ඩලයේ මනු කියවන්නකුට රෝහල් ගතවෙන්නට පහරදුන් පුද්ගලයකු ඊයේ (10) අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය පවසයි.

 

පහරකෑමට ලක්ව ඇත්තේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පයාගල ස්ථාන භාර නිලධාරී කාර්යාලයට අනුයුක්තව මනු කියවන්නකු ලෙසින් රාජකාරි කරන එන්. ඩබ්ලිව්. එම්. කමල් ලසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල, දළුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි. පහරකෑමට ලක්වූ මනු කියවන්නා ඊයේ උතුරු පයාගල ප්‍රදේශයේ ජල බිල්පත නිකුත් කිරීමේ නිරතවී සිට ඇත.

 

එහිදී සැකකරු පදිංචි නිවසෙහි බිල්පතෙහි ඒකක 601 ට 607 සටහන්ව ඇති බවට දෙපාර්ශවය අතර ඇතිවූ කතාබහ ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇතැයි පොලිසිය කීය.

 

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. 

views

221 Views

Comments

arrow-up