සියලු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

පෞද්ගලි්ක බස් රථ අද(24) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත් වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් අද(24) පෙරවරුවේ පැවසීය.
ඩීසල් ලීටරයක් රුපියල් 111කින් ඉහළ දැමීමත් සමඟ දිනකට බස් රථයකට රුපියල් 11,000ක පාඩුවක් වන බවත් ඉන්ධන සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් බස් ගාස්තුව සියයට 35 කින් ඉහළ දැමිය යුතු බවත් ඔහු කියා සිටියේය.
අවම බස් ගාස්තුව රුපියල් 27 සිට 35 දක්වා වැඩිවිය යුතු බව කී අංජන ප්‍රියංජිත් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් හෙට සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කිරීමට සූදානම් බවද පැවසීය
714 Views
Comments