ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් ජනපති හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
14

ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් සමන්විත තාක්‍ෂණික කමිටුවේ නියෝජිතයින් අද(14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන කෙටි කාලීන හා දිගු කාලීන උපායමාර්ගික සැලසුම් පිළිබඳ එහිදී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ.

 

පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිට ජාතික තලය දක්වා සිදුවිය යුතු වෙනස්කම් පිලිබඳ එහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ තැබූ ට්විටර් සටහනේ දැක්වේ.

views

742 Views

Comments

arrow-up