JAN
05
අධිවේගී මාර්ගවල බස් ගාස්තු 10% කින් පහලට

අධිවේගී මාර්ගවල බස් ගාස්තුව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට 10% කින් අඩු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මාකුඹුර සිට ගාල්ල දක්වා නව බස් ගාස්තුව රුපියල් 930ක් ද මාකුඹුර සිට මාතර දක්වා නව බස් ගාස්තු රුපියල් 1,170 ක් ද වේ
එසේ ම කඩුවෙල සිට මාතර දක්වා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුව ද රුපියල් 1,260ක් දක්වා අඩුකර තිබේ.
තවද කොළඹ සිට කතරගම දක්වා නව බස් ගාස්තුව රුපියල් 2,270 දක්වා ද කොළඹ සිට මාතර දක්වා නව බස් ගාස්තු රුපියල් 1,300ක් දක්වා ද අඩු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.
171 Views
Comments