මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

හොරණ මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගේ ගමන් බෑගයේ තිබූ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් එම පාසලේ 05 ශ්‍රේණිය ඉගෙනුම ලබමින් සිටින සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධියක් පසුගිය දිනක වාර්තා විය.

 

මිල්ලනිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ද පාසලට පැමිණ දරුවන්ට පහර දී ඇතැයි වාර්තා විය.

 

එම සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

 

එසේම එම සිසුන් පිරිස් කෲරත්වයට පත් කිරීමේ සිද්ධියට මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම පසලේ විදුහල්පතිනියගේ ද වැඩ තහනම් කර තිබේ.

 

views

226 Views

Comments

arrow-up