කෝටි 7කට අධික කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය පාර්සල් 13ක් තැපෑලෙන් ඇවිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

කෝටි 7කට අධික කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය පාර්සල් 13ක් තැපෑලෙන් ඇවිත්

කෝටි 7කට අධික කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය පාර්සල් 13ක් තැපෑලෙන් ඇවිත්

 

රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ රුපියල් කෝටි 8කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සහිත පාර්සල් 13ක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නීතිඥ සුදත්ත ද සිල්වා මහතා පැවසීය.

 

එම පාර්සල්වල තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 921ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 106ක්, කංසා ඇටවලින් නිස්සාරණය කරන ලද තෙල් ලීටර එකක් (මිලිලීටර් 250 බෝතල් 4ක්), මෙතම්ෆිටමයින් (Methamphetamine) නමැති මත්පෙති 5,272ක්, මත් මුද්දර (Stamps) කොටස් 425ක්, මැන්ඩි (Mandy) ග්‍රෑම් 2ක් සහ හෂිෂ් (Hashish) ග්‍රෑම් 4ක් හමුවී තිබේ.

 

එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම පිළිවෙළින් රුපියල් 14,115,000ක්, රුපියල් 3,180,000ක්, රුපියල්. 500,000ක්, රුපියල් 51,720,000ක්, රුපියල් 3,400,000ක්, රුපියල් 30,000ක් සහ රුපියල් 120,000ක් ලෙස තක්සේරු කර ඇත. ඒ අනුව මේ මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් 73,065,000/- වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

පසුගිය කාලය තුළ එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත මේ පාර්සල් ලැබී තිබුණු අතර, ඒවා සැක සහිත බැවින් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් රඳවා තබා ගෙන පෙරේදා (03) ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේදී පරීක්ෂා කර තිබේ. ඒ අනුව මේ මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් සොයා ගෙන තිබේ.

views

169 Views

Comments

arrow-up