වට්ස් ඇප් ඔස්සේ සම්බන්ධවෙමින් සෞදි යවන බව පවසා මුදල් කොල්ලකෑ අයට වැඩ වරදී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

වට්ස් ඇප් ඔස්සේ සම්බන්ධවෙමින් සෞදි යවන බව පවසා මුදල් කොල්ලකෑ අයට වැඩ වරදී

වට්ස් ඇප් ඔස්සේ සම්බන්ධවෙමින් සෞදි යවන බව පවසා මුදල් කොල්ලකෑ අයට වැඩ වරදී

වට්ස් ඇප් තාක්ෂණය උපයෝගී කරගනිමින් ව්‍යාජ වීසා බලපත්‍රයක් සකස්කොට සෞදි අරාබියට යවන බවට රවටා පුද්ගලයකු ගෙන්වාගෙන සෙල්ලම් පිස්තෝල එල්ලකර බියවද්දා මුදල් සහ බඩුබාහිරාදිය කොල්ලකෑ පුද්ගලයකු 26 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකස්වත්ත, යටියන, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

 

ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. වීසා සහ ගුවන් බලපත් හදිසියේ ලැබුන බවත් විදෙස් ගතවීම සඳහා සියලු බඩුබාහිරාදිය ගෙන මතුගම ප්‍රදේශයට එන ලෙසත් පැමිණිලිකරුට දන්වා පාළු ප්‍රදේශයකට කැටුව ගොස් තමා සන්තකයේ තිබූ රුපියල් හැට දහසක් කොල්ලකෑ බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය.

 

සැකකරු විසින් සිදුකළ එවැනි මුදල් වංචා සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් අගලවත්ත සහ බදුරලිය ප්‍රදේශයේ වාර්තා වී ඇති බවත් තවත් ප්‍රදේශවල මුදල් වංචා සහ කොල්ලකෑම් සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.

views

171 Views

Comments

arrow-up