නොවැම්බර් 18 ලොකු පෙරළියකින් අගමැති ධූරය යළි මහින්දට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

නොවැම්බර් 18 ලොකු පෙරළියකින් අගමැති ධූරය යළි මහින්දට

නොවැම්බර් 18 ලොකු පෙරළියකින් අගමැති ධූරය යළි මහින්දට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අතර මේවන විට සාකච්ඡා පැවැත්වෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

 

ඒ අනුව ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු අගමැති ධූරය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හිමි වනු ඇති.


ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ කාලයක් උදාවන බවට ද ජෝතීෂ්‍යවේදීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.



නොවැම්බර් 18 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් දිනයද යෙදී තිබෙනවා.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මේවන විට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

views

244 Views

Comments

arrow-up