පිටුපස දොර කඩා ගෙට ආ හොරු දියණියගේ මඟුලට ගෙනා ලක්‍ෂ අටක රන්බඩු අරන් පැනලා

ඉදිරියෙදී පැවැත්වීමට සැලසුම් කර තිබූ සිය දියණියගේ මංගල උත්සවය සඳහා මනාලයාට පැළදවීමට සූදානම් කර තිබූ රන් මුදුව ඇතුළු රු. ලක්ෂ 8 කට වැඩි වටිනාකමින් යුත් රන් ආභරණ තොගයක් සොරාගෙන ඇති බව පවසමින් එම දියණියගේ දෙමාපියන් විසින් සාලියවැව පොලිසියට පැමිණිලි කර තිබේ.
සාලියවැව පොලිස් වසමට අයත් අලුත්ගම ප්‍රදේශයේ නිවසක ආරක්ෂිතව තබා තිබූ රන් ආභරණ මෙසේ සොරාගෙන ඇත.
මෙසේ සොරාගෙන ඇත්තේ අතිනත ගැනීමට සිටින තම දියණියගේ සහකරුට සූදානම් කර තිබූ රන් මුදුව, තරුණියගේ රන් තැල්ල හා තවත් රන් ආභරණ කීපයක් බව පොලිසිය කියයි.
නිවැසියන් නොමැති අවස්ථාවක පිටුපස දොර අගුළු කඩා ඇතුළු වී කණ්ණාඩි මේසයක ලාච්චුවක දමා තිබූ රන් ආභරණ හා රුපියල් දස දහසක මුදලක් මෙසේ සොරාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. වී. පී. ප්‍රියදර්ශන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු සිදු කරයි.
252 Views
Comments