කඨිනය නිවසට ගේන්න ගේ වැඩ කරමින් සිටි පුතාට ගරාජයට ඇද්ද තාවකාලික විදුලි රැහැන මරු කැඳවයි - පියාටත් බරපතළයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

කඨිනය නිවසට ගේන්න ගේ වැඩ කරමින් සිටි පුතාට ගරාජයට ඇද්ද තාවකාලික විදුලි රැහැන මරු කැඳවයි - පියාටත් බරපතළයි

කඨිනය නිවසට ගේන්න ගේ වැඩ කරමින් සිටි පුතාට ගරාජයට ඇද්ද තාවකාලික විදුලි රැහැන මරු කැඳවයි - පියාටත් බරපතළයි

කඨින චීවරය නිවසට වැඩම කිරීම සඳහා නිවස පිළිසකර කරමින් සිටි පියෙකුට සහ පුතෙකුට අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලිසර වැදී ඇති බව පූනෑව පොලිසිය කියයි.

 

එම අනතුරින් මහකෝන්ගස්කඩ ගම්මානයේ පදිංචි 19 හැවිරිදි දිල්ෂාන් ප්‍රමෝද් චතුරංග නමැති තරුණයා මියගොස් ඇත.

 

කඨින චීවරය නිවසට වැඩම කිරීම සඳහා පවතින වර්ෂාව බලපෑමක් වේවි යැයි යන අරමුණින් පෙරේදා (13) රාත්‍රී 11.30ට පමණ පියා සහ පුතා නිවස ඉදිරිපිට ප්‍රධාන දොරටුව වර්ෂා ජලයෙන් ආවරණය වන පරිදි තහඩු උපයෝගී කර ගනිමින් පැළල්ලක් බැඳ ඇත.

 

නිවසට යාබදව තිබූ ගරාජයට මෙම ගෙහිමියන් විසින් තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැනක් එම තහඩු පැළල්ල ආසන්නයේ ඇද තිබුණ අතර එම වයරය මීයන් විසින් සපා කා පළුදු වී තිබූ ස්ථානයක් මෙම තහඩු පැළල්ලේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

 

එහිදී පළමුව පියාට විදුලිසැර වැදී බිම වැටී ඇති අතර අනතුරුව පුතාටද විදුලිසර වැදී ඇත.

 

එම අවස්ථාවේ තරුණයා බිම වැටී නැවත නැගිට ඇති අතර අනතුරුව නැවතත් වීසිවී ගොස් නිවසේ බිත්තිය මත හිස වැදී මියගොස් ඇති බව පූනෑව පොලිසිය පැවැසීය.

 

පූනෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

250 Views

Comments

arrow-up