ශ‍්‍රී ලංකාවේ ණය වැඩි වී ආර්ථික අර්බුදය තවත් උග‍්‍ර වෙනවා..- ලෝක බැංකුව

ශ්රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි.
උග්‍ර වන ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී දැඩි අවදානමකට ලක්වූ සහ දුප්පත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය කරුණක් බවද ලෝක බැංකු නිවේදනයේ දැක්වේ.
අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කර ගැනීමට වන සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවද ලෝක බැංකුව කියා සිටී.
මෙරට දළ දේශීය නිෂ්පාදනය ලබන වසරේ දී තවදුරටත් හැකිලෙනු ඇතැයිද අපේක්ෂා කරන පවසන ලෝක බැංකුව දරාගත නොහැකි ණය බර හා දැඩි ගෙවුම් ශේෂ හිගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් ඇතැයි ද අවධාරණය කරයි.
207 Views
Comments