පෙරහැරේ ගිය අලියෙක් කුලප්පු වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

පෙරහැරේ ගිය අලියෙක් කුලප්පු වෙයි

පෙරහැරේ ගිය අලියෙක් කුලප්පු වෙයි

වලස්මුල්ල වරාපිටිය ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන දින කතරගම දේවාල පෙරහැර ඊයේ (07) රාත්‍රියේ වීදි සංචාරය කරන අවස්ථාවේ දී පෙරහැරේ ගමන් කරන අලියෙකු කුලප්පු වී තිබේ.

 

මේ හේතුවෙන් එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණි.

 

පෙරහැරේ ගමන් කළ කාවඩි නර්තන කණ්ඩායම මැසි මදුරු නාශක භාවිතා කරමින් ගිණි දැල්වීම හේතුවෙන් අලියා කුලප්පු වූ බව එහි සිටි පිරිස් පවසයි.

 

කෙසේ නමුත් ඇත්ගොව්වා ඇතුළු පිරිස අලියා පාලනය කර ගැනීමට සමත් වී ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැත.

 

එසේම පෙරහැර සාර්ථකව වීදි සංචාරය කර නිමාවට පත්වූ බව පෙරහැර සංවිධායක කමිටුව ප්‍රකාශ කරයි.

 

views

258 Views

Comments

arrow-up