OCT
08
කසළ තේ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඊයේ (07) පස්වරුවේ නාවලපිටිය රේන්දපොල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කසළ තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීමේ දී භාවිතයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 8,807ක් සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැණික්බෝව හොඩියාදෙණිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව ඇත්ගාල පොලීසිය වෙත භාරදී තිබේ.
220 Views
Comments