පෑලියගොඩ මාළු මිල ගණන් පහලට

පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ මාළු මිල ක්‍රමක් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පෑලියගොඩ මත්ස්‍ය ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි පැවසීය.
පසුගිය කාලයේ රුපියල් 3000 කට අලෙවි වූ කෙළවල්ලා තොග කිලෝවක මිල රුපියල් 1300 දක්වාත්, ඊට සාපේක්ෂව වැඩි මිලට තිබූ අනෙකුත් මාළු මිලද අඩුවී තිබෙන බවත් හෙතෙම පැවසීය.
ඒ අනුව කුම්බලාවා කිලෝවක් රුපියල් 600 ත්, බලයා රුපියල් 650 ත්, හුරුල්ලා රුපියල් 600 ත්, සාලයා 400 ත්, ලින්නා 700 ත් වශයෙන් ප්‍රධාන වශයෙන් අලෙවිවන මාළුවල මිල ගණන් අඩුවී තිබූ බව ද ඔහු කීය.
ඉදිරි මාස දෙක තුළ මාළු මිල අඩුවිය හැකි යැයිද, ධීවරයන්ට අවශ්‍ය භූමිතෙල් නිසි පරිදි ලබා දෙනවා නම් මාළු මිල මීටත් වඩා අඩුවිය හැකි යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
387 Views
Comments